Home අධිකරණය හා නීතිය නීතිපති කියපු විදිහට විස්ස සංශෝධනය නොකළත්, දැන් කරන්න දෙයක් නෑ – ආචාර්ය... අධිකරණය හා නීතිය නීතිපති කියපු විදිහට විස්ස සංශෝධනය නොකළත්, දැන් කරන්න දෙයක් නෑ – ආචාර්ය නිහාල් ජයවික්‍රම By MediaLK.com - October 20, 2020 FacebookTwitterPinterestWhatsApp (ශාලික විමලසේන) විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන එකතු කරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසුවද, යම් හෙයකින් ආණ්ඩුව පාර්ශ්වයෙන් එම සංශෝධන සිදු නොකළහොත් ඊට එරෙහිව කිසිවක් කළ නොහැකි බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු අවධාරණය කරති. නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසූ ආකාරයට කාරකසභා අවස්ථාවේදී කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කරන්නේ නම්, කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද (20) කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව සඳහන් කර ඇත්තේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන අනුව තම මතය ප්‍රකාශ කරන බවකි. එහෙත් නීතිපතිවරයා ඉදිරිපත් කළ සංශෝධන වෙනස් කොට ආණ්ඩුව පාර්ශ්වයෙන් කාරකසභා අවස්ථාවට ඉදිරිපත් කළහොත් හෝ ඒවා නොසලකා හැරියහොත් වර්තමානයේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඊට එරෙහිව කිසිවක් කළ නොහැකි බවත්, 1972 ව්‍යවස්ථාවට පෙර එවැනි ක්‍රියා අභියෝගයට ලක්කිරීමේ හැකියාවක් පැවති බවත් MediaLK කළ විමසීමකට පිළිතුරු දෙමින් ව්‍යවස්ථා විශාරදයෙකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම පෙන්වා දුන්නේය. සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් ආණ්ඩුවේ නියෝජිතයෙකු ලෙස, ආණ්ඩුව වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටි නීතිපතිවරයා ඉදිරිපත් කළ සංශෝධන ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී සිටින බව සඳහන් කළ ජයවික්‍රම මහතා, යම් හෙයකින් එසේ නොකළහොත් එය ආණ්ඩුවේ සදාචාරාත්මක බව පිළිබඳ ගැටළුවක් පමණක් මතු කරන බවයි. නීතිය ඉදිරියේ එවැනි තත්ත්වයක් අභියෝගයට ලක්කිරීමේ අවස්ථාවක් නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේය.කාරක සභා අවස්ථාවේදී කෙටුම්පතකට යම් සංශෝධන අලුතින් එකතු කළහොත් හෝ ඉවත් කළහොත් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසීමේ හැකියාව ඇතත්, අධිකරණයේ මතය විමසීමේ හැකියාව පුරවැසියාට නොමැති බව ද අවධාරණය කළ ජයවික්‍රම මහතා, ඉන් එහාට අධිකරණයෙන් පිහිටක් නැති බව ද පැවසීය. 1962 උදාහරණය කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමෙන් පසු, එය ජයග්‍රහණය කළහොත් කතානායකවරයා ඊට අත්සන යොදයි. ඉන්පසු එය රටේ නීතියක් බවට පත්වන බවත්, ඊට එරෙහිව කිසිවක් කළ නොහැකි බවත් පෙන්වා දුන් ආචාර්ය ජයවික්‍රම, 1972 ව්‍යවස්ථාව සම්මත කිරීමට පෙර එවැනි තත්ත්වයක් ලංකාවේ පැවැති බව ද අවධාරණය කර සිටියේය. ඊට උදාහරණයක් ලෙස 1962 ආණ්ඩුව පෙරළීමේ උත්සාහය අවස්ථාවේදී, ආණ්ඩුව විසින් අධිකරණ ඇමැතිවරයා විසින් පත්කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් තිදෙනකු විසින් අදාළ නඩුව විමසිය යුතු බවට නීතියක් ඉදිරිපත් කළ බවත්, පසුව අධිකරණයේදී එය අභියෝගයට ලක්කෙරුණු බවත් පෙන්වා දුන් ඔහු, පවත්නා නීතියක් වුවද එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවධාරණය කෙරුණු බව ද සඳහන් කළේය. එම නිසා අධිකරණ ඇමැතිවරයාට එවැන්නක් කළ නොහැකි බව එහිදී සඳහන් කෙරිණි. කෙසේ වෙතත් 1972 ව්‍යවස්ථාවෙන් පසු එවැනි අවස්ථාවක් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලින් ලබා දී නැති බව ද ආචාර්ය නිහාල් ජයවික්‍රම අවධාරණය කළේය. විස්සේ වගන්ති හතරක් නිසා ජනමත විචාරණයක් අවශ්‍යයි : සංශෝධන මගින් අනනුකූලතාවය ඉවත් කළ හැකියි – කථානායක RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය Controversial Electricity Supply for NR’s Wedding Arranged on Instructions of Ravi K., Revealed before SC අධිකරණය හා නීතිය දේශබන්දු අධිකරණයට – සම්පූර්ණ කතාව අධිකරණය හා නීතිය ලලිත් – කුගන් නඩුවේ සාක්කි දෙන්න ගෝඨා හා කියයි LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.