Home පුවත් කොවිඩ් රෝහල් 10ක් පිරිලා : රෝහල් 6ක ධාරිතාව ඉක්මවා රෝගීන් 171ක් පුවත් කොවිඩ් රෝහල් 10ක් පිරිලා : රෝහල් 6ක ධාරිතාව ඉක්මවා රෝගීන් 171ක් By MediaLK.com - October 18, 2020 Facebook Twitter Pinterest WhatsApp (නිලූක සඳුන්) කොවිඩ්-19 රෝගීන් සඳහා වෙන් කෙරුණු රෝහල් 10ක මේ වන විට නියමිත රෝගීන් ධාරිතාව ඉක්මවා ගොස් හෝ ධාරිතාව සම්පූර්ණ වී ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ දත්ත වාර්තා සඳහන් කරයි. ඉන් රෝහල් 6ක ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි ද රෝහල් 4ක් මේ වන විටත් නියමිත රෝගී සංඛ්‍යාවෙන් පිරී අවසන් බව ද එම මධ්‍යස්ථාන දත්ත පවසයි. දැනටමත් බොහෝ රෝහල්වල නියමිත කොරෝනා රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් ඇතුළත් කර ඇතැයි එම මධ්‍යස්ථානය නිකුත් කළ දත්ත වාර්තාවල දැක්වෙයි. ඒ අනුව අයිඩීඑච් රෝහලේ වැඩිපුර රෝගීන් 80ක්ද, වැලිකන්ද මූලික රෝහලේ වැඩිපුර රෝගීන් 7 දෙනකුද කඹුරුගමුව රෝහලේ 28 දෙනකුද කාත්තන්කුඩි රෝහලේ 47 දෙනකුද තෙල්දෙණිය මූලික රෝහලේ 08 දෙකුද අඹන්පොළ රෝහලේ වැඩිපුර 01 රොගියෙකුද ප්‍රතිකාර ලබති. ඒ අනුව එම රෝහල් 6 තුළ නියමිත ධාරිතාවට වඩා රෝගීන් 171 දෙනෙක් ප්‍රතිකාර ලබති. මීට අමතරව කොස්ගම රෝහල, ඉරනවිල මූලික රෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල, රඹුක්කන මූලික රෝහල යන රෝහල්වල කොරෝනා රෝගීන් සඳහා තවදුරටත් ඉඩකඩ නැති බවද ගල්ගමුව මූලික රෝහලේද තව ඉඩකඩ ඇත්තේ එක් රෝගියකුට පමණක් බවද එහි සඳහන් වෙයි. කෙසේවෙතත් කොළඹ නැගෙනහිර මූලික රෝහලේ තවත් රෝගීන් 31 දෙනකුට ද, ඉරනවිල රෝහලේ 09 දෙනකුටද, හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ රෝගීන් 43 දෙනකුට ද, නෙවිල් ප්‍රනාන්දු රෝහලේ 60 දෙනකුටද, හෝමාගම මූලික රෝහලේ 40 දෙනකුටද, ලග්ගල පල්ලේගම රෝහලේ 25 දෙනකුටද ගල්ගමුව මූලික රෝහලේ එක් රෝගියෙකුටද, ලූනාව මූලික රෝහලේ 11 දෙනකුටද තවත් ඉඩ පහසුකම් පවතී. නමුත් එම වාර්තාවේ සමස්ත ධාරිතාව සම්බන්ධයෙන් ගත් විට රෝගීන් 2075 දෙනකු සඳහා වූ ධාරිතාවයෙන් 2026ක් මේ වන විට පිරී අවසන් බවට සඳහන් වෙයි. 230 RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය ඇමති-නිලධාරීන් අත්තනෝමතිකව වැඩ කරලා – අවුරුදු 49ක සටනකින් පසු යුක්තිය ලැබෙයි අධිකරණය හා නීතිය පරමාධිපත්‍යට අල්ලස් හෝ දූෂණයෙන් තොර රජයකට ඇති අයිතිය ඇතුළත් – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් පොලිස් ලොක්කන්ගේ ගැටුම ජාතික ප්‍රශ්නයක්ද? – සියලු උසස් නිලධාරීන් ගැන විගණනයක් ඕනෑ LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.