Home පරිසරය ජලගැලුම් නිම්නයේ මාර්ගයට එරෙහිව ඇතුළෙන්ම ලිපියක් පරිසරය ජලගැලුම් නිම්නයේ මාර්ගයට එරෙහිව ඇතුළෙන්ම ලිපියක් By MediaLK.com - November 6, 2025 FacebookTwitterPinterestWhatsApp මහවැලි ගඟ ආශ්‍රිතව, පොළොන්නරුවේ පිහිටි ජාතික ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් පුළුල් මාර්ගයක් ඉදිකිරීමේ උත්සාහයට විරෝධය පළකරමින් වනජීවි අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමය මගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යවා තිබේ. ලංකාවේ වියළි කලාපයේ ඇති එකම ජාතික වනෝද්‍යානය වන ජලගැලුම් නිම්නය මැදින් මාර්ගයක් ඉදිකිරීමෙන් එහි ජෛවවිවිධත්වයට හානි සිදුවීම, මහවැලි බී සහ සී කලාපවල ඇති අලි-මිනිස් ගැටුම තවදුරටත් උග්රවීම මෙන්ම ඉදිරියේදී මෙය පූර්වාදර්ශයක් කර ගනිමින් අනෙකුත් වනාන්තරවලට ද හානි කිරීමට ඇති අවස්ථාව වැඩි වීම යන කරුණු පිළිබඳව මෙම ලිපිය මගින් අදාළ සංගමය අවධානය යොමු කර ඇත. පසුගිය 15 වැනිදා පොළොන්නරුව, පුලතිසි චන්ද්‍ර මණ්ඩපයේදී විදුලි වැට අගල් ඉදිකිරීම හා වන වගා කිරීමේ විෂය භාර රාජ්‍ය ඇමැති විමලවීර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීම පිළිබඳ සාකච්ඡාවකදී මෙම මාර්ගය ඉදිකිරීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඇති බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් ය. මේ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරුදෙමින් වනජීවී අධ්යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පවසන්නේ අදාළ මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් පොළොන්නරුවේ පැවැති සාකච්ඡාවකදී අවධානය යොමු වී ඇති බවත්, ඊට තම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විරෝධය පළකර ඇති බවත් ය. කෙසේ වෙතත් අදාළ කරුණ සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම මාර්ගය පිළිබඳ වාර්තාවක් සකස් කෙරෙන බව ද ඔහු සඳහන් කර සිටී. කෙසේ වෙතත් වනජීවී ඇමැති සී.බී.රත්නායක පවසන්නේ මෙම ජාතික වනෝද්‍යානයේ මාර්ගයක් ඉදිකිරීමට තීරණයක් ගෙන නැති බවත්, එය සිදු නොකරන බවත් ය. වනජීවී ඇමැතිවරයාගේ පාර්ශ්වයෙන් එසේ පැවසුවද, පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන රොෂාන් රණසිංහ මෙන්ම අදාළ සාකච්ඡාවේ ප්‍රධානත්වය දැරූ විමලවීර දිසානායක යන රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනාම බීබීසී සිංහල වෙබ්අඩවිය සමග අදහස් දක්වමින් පවසා තිබුණේ මෙම මාර්ගය ඉදිකිරීම ජනතාවගේ ඉල්ලීමක් බව ය. එය 2005 වසර වනතෙක් භාවිතයට ගත් බවද එම ඇමැතිවරුන් පවසා තිබූ අතර, යක්කුරේ සහ අවට ගම්මානවල පදිංචිකරුවන්ට පමණක් එම මාර්ගය ඉදිකිරීමට අවස්ථාව ලබාදෙන බවද ඔවුන් පවසා තිබිණි. මෙහි ඇති නීතිමය තත්ත්වය පැහැදිලි කරමින් නීතිඥ ජගත් ගුණවර්ධන පවසන්නේ වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ තුන්වැනි වගන්තියට අනුව වසර දෙකක් මාර්ගය භාවිත නොකිරීම නිසා ජනතාවට මාර්ගය භාවිත කිරීමට ලබාදී තිබූ අයිතිය අහෝසි වී ඇති බවයි. වසර 36 කට පසු නැවත මෙම මාර්ගය භාවිත කිරීමට අවසර ලබාදීමේ හැකියාවක් නීතියට අනුව නොමැති බවද ඔහු සඳහන් කරයි. ජාතික ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මෙම මාර්ගය පුළුල් කිරීමේ උත්සාහය ජනතාවගේ ඉල්ලීමක් නොවන බව තහවුරු කරමින් අප පළකළ ලිපියට https://medialk.com/archives/1971 මගින් පිවිසිය හැකිය. RELATED ARTICLESMORE FROM AUTHOR පරිසරය රක්ෂිත නම් කර දින 73ක් – ගැසට් තවම නෑ පරිසරය මඩකලපුවේ නෞකාව නීතිවිරෝධී ඛනිජ වැලි ව්‍යාපෘතියේ කොටසක් ද? : ඒක ඉන්ධන අවසන් වූ නැවක් – නාවික හමුදාව පරිසරය ජල ගැලුම් නිම්නය රැකගන්න වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් ! LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.