(තරිඳු ජයවර්ධන)
අවුරුදු ගණනක් කුලී වැඩ කරමින් දුක් මහන්සියෙන් හරි හම්බකරගත් මුදලින් කරුපයියා ශම්මුගනාදන් කළේ තම දරුවන් උස් මහත් කිරීම සහ පවුලට ජීවත්වීමට කුඩා නිවහනක් සෑදීමය. කුඩා කල සිටි මුදල් ඉපයූ කරුපයියාට මීට වසර කිහිපයකට පෙර තවදුරටත් මුදල් ඉපයීමට නොහැකි වූයේ රෝගාතුරවීම හේතුවෙනි. කරුපයියාගේ අසනීප තත්ත්වයත් සමග ඊට බෙහෙත් කිරීමට යන වියදම පමණක් නොව පවුලේම බර ද කරට ගැනීමට සිදුවූයේ කරුපයියාගේ දරුවන් අතුරින් එකම පිරිමි දරුවා වූ කමලරාජ්ටය.
කලක සිටම කරුපයියාගේ නිවස හැඩ කරන්නට ඔවුන් සූදානමින් සිටියේ එකම පුතුගේ විවාහ මංගල්‍යය සඳහාය. කාලයකට පසු අද (27) කරුපයියාගේ නිවස හැඩ විය. ඒ එකම පුතු කමලරාජ්ගේ විවාහයට නොව, කරුපයියාටත් පෙර මෙළොව හැර දමා යන්නට සිදුවූ කමලරාජ්ගේ මරණයේ මසක් පිරීමේදී කරන ආගමික වතාවත් සඳහාය.
පසුගියදා රටම ගිලගත් ආපදා තත්ත්වයෙන් මරු වැළඳගත් 643 දෙනාගේ ලැයිස්තුවට කමලරාජ් ඇතුළත් වූයේ එම ගම්මානයේ නාය යෑමෙන් මිය ගිය 26 දෙනාගේ ලැයිස්තුවට ද එක්වෙමිනි.
ඒ මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්ඔය ග්‍රාම නිලධාරී වසමේ පිහිටි හදබිම ජනදයයි. පේරාදෙණිය-ගලහා පාරේ මහකන්දෙන් සරසවිගමට ගොස්, සරසවි ගම පාලමෙන් එගොඩවී හදබිම ජනපදය වෙත පිවිසිය හැකිය. හදබිමේ බහුතරයක් ජීවත් වන්නේ දෛනික වැටුප් ලබන්නෝ වෙති. ඊට අමතරව ඇතැමෙක් ගමෙන් පිටට ගොස් රැකියා කරති.








