Home අධිකරණය හා නීතිය සනත් නිශාන්තගේ ගමන් තහනම ඉවත් නොකරයි ; මහාධිකරණ තීන්දුව අභියාචනාධිකරණයත් ස්ථිර කරයි අධිකරණය හා නීතිය සනත් නිශාන්තගේ ගමන් තහනම ඉවත් නොකරයි ; මහාධිකරණ තීන්දුව අභියාචනාධිකරණයත් ස්ථිර කරයි By MediaLK.com - December 6, 2023 FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතාට විදෙස් ගත වීමට අවසර ලබා දෙන ලෙසට කළ ඉල්ලීමක් හලාවත මහාධිකරණය ප්‍රතික්ෂේප කිරීමට අදාලව ඒ මහතා විසින් ගොනු කර තිබූ ප්‍රතිෂෝධන පෙත්සමක් අභියාචනාධිකරණය අද (06) ප්‍රතික්ෂේප කළේය. ඔහුගේ ඉල්ලීමට ඉඩදීමට තරම් සුවිශේෂී හේතුවක් ඉදිරිපත්ව නැති බැවින් මෙම ප්‍රතිෂෝධන පෙත්සම ප්‍රතික්ෂේප කරන බව අද දින තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය සඳහන් කළේය. විනිසුරු පී කුමාරරත්නම් මහතාගේ එකඟත්වයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ අභියාචනාධිකරණ විනිසුරු සම්පත් බී අබේකෝන් මහතා විසිනි. ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ව සිටි ධනසේන සුරසේන මහතාට 2008 වසරේ නොවැම්බර් 24 වැනිදා හෝ ඊට අසන්න දිනකදී කරුක්කුලිය ජයතිලකාරාම විහාරස්ථානයේදී පහරදී ඔහුගේ රාජකාරිවලට බාධා කළ බව කියමින් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිෂාන්ත පෙරේරාට සහ ඔහුගේ සහෝදරයකු වන ජගත් සමන්ත පෙරේරාට එරෙහිව හලාවත මහාධිකරණයේ නඩු පවරා තිබේ. දණ්ඩ නීති සංග්‍රහයේ 140, 146 සමග කියවියයුතු 323, 146 සමග කියවිය යුතු 344, 32 වගන්තිය සමග කියවියයුතු 323 සහ 314 යන වගන්ති යටතේ චෝදනා හයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල කර ඇත. අදාල චෝදනාවන්ට තමා නිවැරදිකරු බවට සනත් නිශාන්ත ප්‍රකාශ කිරීමෙන් පසු නඩු විභාගය ආරම්භවී 2023 ජූලි 31 වැනිදා පැමිණිල්ලේ නඩුව අවසන් කර තිබෙන බව අද ලබා දුන් නියෝගයේ සඳහන් වේ. තමාට පෞද්ගලික සංචාරයක් සඳහා විදෙස් ගතවීමට තිබෙන බැවින් මෙම නඩුවට අදාලව පනවා ඇති විදෙස් ගමන් තහනම 2023 ජූලි මස 23 දින සිට අගෝස්තු මස 07 වැනිදා තෙක් ඉවත් කරන ලෙස 2023 ජූලි 11 වැනිද සනත් නිශාන්ත මහතා මහාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති අතර මහාධිකරණ විනිසුරුවරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. නඩුව තීරණාත්මක අවසානයකට පිවිසෙද්දී විදෙස් ගතවීම සඳහා කරන මෙම ඉල්ලීම අත්‍යවශ්‍ය ඉල්ලීමක් නොවන බැවින් ඒ සඳහා විරෝධය පළ කරන බවට රජයේ නීතිඥවරයා කළ කරුණු දැක්වීමක් පිළිගැනීමෙන් පසු මහාධිකරණ විනිසුරුවරිය මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය. මහාධිකරණ විනිසුරුවරියගේ නියෝගයට එරෙහිව අභියාචනාධිකරණයට ප්‍රතිෂෝධන පෙත්සමක් ඉදිරිපත් කරමින් සනත් නිශාන්ත මහතා සඳහන් කළේ තමා මීට පෙරද අධිකරණයේ අවසරය ඇතිව විසෙද්ගතවී නැවත පැමිණි බවයි. ප්‍රදේශයේ ප්රමුඛ පෙළේ දේශපාලනඥයකු වන තමාට අධිකරණය මගහැරීමට උවමනාවක් නැති බව ඔහු සඳහන් කළේය. පෙත්සම්කාර සනත් නිශාන්ත විදෙස් ගත වීමට අදහස් කළ දිනය පසුවී ඇති බවත්, 2024 ජනවාරි මාසයේ දිනයක එම ගමන ඔහු යෑමට ඉඩ ඇති බවත් පෙත්සම් විභාගයේදී කියැවිණි. විදෙස් ගතවීමට අදාලව අධිකරණයට ඉදිරිපත් කළ ලේඛනවලින් පැහැදිලි වන්නේ දේශපාලන පක්ෂ සංවිධාන කටයුතුවලට ඔහුට විදෙස් ගතවීමට ආරාධනා ලැබී ඇතිබව යැයි ද අද දින ප්‍රකාශයට පත් කළ නියෝගයේ සඳහන්වේ. කෙසේ වෙතත් ජනවාරි මාසයේදී විදෙස් ගත වන්නේ නම් ඊට පෙර මහාධිකරණ නඩුව අවසන් කිරීමට පෙත්සම්කරු ඉල්ලීමක් කරන්නේ නම් එය සලකා බැලීමට පවා හැකියාව තිබිය හැකි බැවින් ඔහුට විදෙස් ගතවීමට අවසර නොදීමට මහාධිකරණ විනිසුරුවරිය ගත් තීන්දුව සමග එකඟ නොවීමට තරම් හේතුවක් නැතැයි අභියාචනාධිකරණය සඳහන් කරයි. ප්‍රතිෂෝධන අධිකරණ බලය ලබා ගත හැක්කේ සුවිශේෂී අවස්ථාවලද සහ කිසියම් පාර්ශ්වයකට බලවත් අගතියක් වන අවස්ථාවකදී පමණක් බවත්, ඒ අනුව මෙම ප්‍රතිෂෝධන පෙත්සමට අදාල සුවිශේෂී කරුණත් ඉදිරිපත් වී නැති බවත් සඳහන් කළ අභියාචනාධිකරණය සනත් නිශාන්ත මහතාගේ ප්‍රතිෂෝධන පෙත්සමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. අදාල තීන්දුව දැන ගැනීම සඳහා හලාවත මහාධිකරණයට යොමු කරන ලෙස ද අභියාචනාධිකරණය ලේඛකාධිකාරීට නියෝග කළේය. සනත් නිශාන්ත මහතා වෙනුවෙන් නීතිඥ අමාන් බණ්ඩාර මහතා සමග ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජයලක්ෂි ද සිල්වා මහත්මිය පෙනී සිටියාය. RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය Controversial Electricity Supply for NR’s Wedding Arranged on Instructions of Ravi K., Revealed before SC අධිකරණය හා නීතිය දේශබන්දු අධිකරණයට – සම්පූර්ණ කතාව අධිකරණය හා නීතිය ලලිත් – කුගන් නඩුවේ සාක්කි දෙන්න ගෝඨා හා කියයි LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.