Home පුවත් මාධ්‍යවේදීන්ගේ නිදහසට බාධා කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලයි පුවත් මාධ්‍යවේදීන්ගේ නිදහසට බාධා කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලයි By MediaLK.com - October 19, 2020 FacebookTwitterPinterestWhatsApp ජනමාධ්‍යවේදීන්ට තමන්ගේ රාජකාරිය ස්වාධීනව නිදහසේ ඉටුකිරීමට බාධා ඇතිකරන පුද්ගලයන් සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය පොලිසියෙන් ඉල්ලා සිටී. ත්‍රිකුණාමලය සහ මුලතිව් ප්‍රදේශවල ජන්මාධ්ය කටයුතුවල නිරතව සිටි මාධ්‍යවේදීන් තිදෙනෙකුට පසුගියදා සිදුකළ පහරදීමට විරෝධය දක්වමින් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රි ලංකා මුස්ලීම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය මේ බව පැවසීය. ත්‍රිකුණාමලය කන්තලේදී සිදු වූ අනතුරක් පිළිබඳ වාර්තා කිරීමට ගිය ස්වාධීන රූපවාහිනී සේවයේ වාර්තාකරුවකු වන එම්.එස්.යූසුෆ් මහතා අක්බෝපුර ප්‍රදේශයේදී මැර ප්‍රහාරයකට ලක්ව ඇතැයිද රෝහල්ගතව ප්‍රතිකාර ලබා මේ වන විට නිවසට පැමිණ ඇතැයි ද ඔහුගේ ජායාරූප උපකරණද පැහැරගෙන ගොස් ඇතැයිද එම සංගමය පවසයි. මේ අතර ඉකුත් දා නීති විරෝධී ගස් කැපීමේ ජාවාරමක් වාර්තා කිරීමට ගොස් සිටියදී මුලතිව්හිදී පහරකෑමට ලක්වු මාධ්‍යවේදීන් දෙදෙනා මේ වන විටත් මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව එම සංගමය කියයි. එම නිවේදනය පහතින් “ත්‍රිකුණාමලය සහ මුලතිව් ප්‍රදේශවල ජන්මාධ්ය කටයුතුවල නිරතව සිටි මාධ්‍යවේදීන් තිදෙනෙකුට පසුගියදා සිදුකළ පහරදීමේ සිද්ධියට ශ්‍රි ලංකා මුස්ලීම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය සිය විරෝධය ප්‍රකාශකර සිටී. මුලතිව් දිස්ත්‍රික්කයේ මරිප්පු නම් කැලෑබද ප්‍රදේශයේදී සිදුකරනු ලබන බව කියන නීති විරෝධී ගස් කැපීමේ ව්‍යාපාරයක් සම්බන්දයෙන් වූ තොරතුරු රැස් කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වන පිල්ලෙයි කුමණන් සහ ෂන්මුගන් නවසීලන් යන මාධ්‍යවේදීන් දෙදෙනා පසුගිය 12 වෙනිදා දූෂිත ව්‍යාපාරිකයන්ගේ ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇත. ප්‍රහාරය නිසා තුවාල ලබා ඇති මෙම දෙදෙනා දැනට මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. මේ අතරතුර ත්‍රිකුණාමලය කන්තලේදී සිදු වූ අනතුරක් පිළිබඳ වාර්තා කිරීමට ගිය ස්වාධීන රූපවාහිනී සේවයේ වාර්තාකරු එම්.එස්.යූසුෆ් යන අය අක්බෝපුර නම් ප්‍රදේශයේදී මැර ප්‍රහාරයකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබා නිවෙසට පැමිණ සටියි.ඔහුගේ ජායාරූප උපකරණද පැහැරගෙන ගොස් තිබේ. ජනමාධ්‍යවේදීන්ට තමන්ගේ රාජකාරිය ස්වාධීනව නිදහසේ ඉටුකිරීමට බාධා ඇතිකරන මෙවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් තරාතිරම නොබලා පොලීසිය විසින් නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි ශ්‍රී ලංකා මුස්ලීම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය වෙනුවෙන් ඉල්ලා සිටින අතර ඉහත සිදුවීම් දෙක අප විසින් තරයේම හෙළා දකින බවද දන්වා සිටිමු. RELATED ARTICLESMORE FROM AUTHOR පුවත් වැලිගම වෙඩික්කරු අල්ලයි – මෙහෙයුමට කිත්සිරිගේ සම්බන්ධයක් නැතිලු පුවත් පෙම්වතා පණපිටින් පිළිස්සූ තැන හැදුණු කඳුළු බිත්තියේ කඳුළු කතාව පරිසරය රක්ෂිත නම් කර දින 73ක් – ගැසට් තවම නෑ LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.