Home මානව හිමිකම් පාර්ලිමේන්තුව පැවැත්වීම නිරෝධායන නීතිවලට පටහැනියි – විපක්ෂයපාර්ලිමේන්තුව පැවැත්වීම නිරෝධායන නීතිවලට පටහැනියි –... මානව හිමිකම් පාර්ලිමේන්තුව පැවැත්වීම නිරෝධායන නීතිවලට පටහැනියි – විපක්ෂයපාර්ලිමේන්තුව පැවැත්වීම නිරෝධායන නීතිවලට පටහැනියි – විපක්ෂය By MediaLK.com - October 19, 2020 FacebookTwitterPinterestWhatsApp සියළුම රැස්වීම් සීමාකර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව පැවැත්වීමද නිරෝධායන නීතිරීති වලට පටහැනි බැවින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය කල් දැමන ලෙස විපක්ෂය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා ආසන වෙන්කර ඇති අයුරින් මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරය රජයේ රෙගුලාසිවලට පරස්පර වන බවද මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසද ඉල්ලමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇත. 20 කෙටුම්පත ගැන විවාදය 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ දෙවනවර කියැවීමේ විවාදය ලබන 21 සහ 22 දෙදින තුළ පැවැත්වීමට පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී පසුගියදා තීරණය විය. විවාදය සඳහා දින 03 ක් ලබාදෙන ලෙස විපක්ෂය ඉල්ලා සිටියද ඒ සඳහා දින 02 ක් පමණක් ලබාදීමට ආණ්ඩු පක්ෂය කටයුතු කර තිබුණි. පාර්ලිමේන්තුව රැස්වීම් පැවැත්වීම පාර්ලිමේන්තු රැස්වීම් අඛණ්ඩව ඉදිරියට පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව පසුගිය සතියේදී තීරණය තීරණය කළේය. ඒ අනුව හෙට (20 වැනිදා) සිට සුපුරුදු පරිදි පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ කිරීමටත් එදින පෙ.ව. 10.00 සිට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝග 03ක් විවාදයට ගැනීමටත් කාරක සභාව තීරණය කළේය. එදින සවස 4.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය. කථානායකට යොමුකළ ලිපිය විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කථානායකවරයාට යොමුකළ සම්පුර්ණ ලිපිය මෙසේය, “කොවිඩ් ආසාධිතයින් රටේ සෑම දිස්ත්‍රික්කයකම හෙළිදරව් වී ඇත. එය වසංගතයක් බවට පත්ව ඇත්තේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා බව පෙනෙන්නට තිබේ. පසුගිය අප්‍රේල් මස 22 වන දා පටන් කිහිප අවස්ථාවක කොවිඩ් උවදුර අවසන් යැයි ආණ්ඩුව ප්‍රකාශ කළත් එසේ සිදුවී නොමැත. තවද, කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය නීති රීති හා රෙගුලාසි ගෙන ඒමට මාස 10 ක් පමණ ප්‍රමාද විය. ලෝකයේ අනෙකුත් රටවල් මැයි මාසය වන විට අවශ්‍ය රෙගුලාසි ඉදිරිපත් කරන ලදී. ප්‍රමාද වී හෝ රෙගුලාසි ගණනාවක් ගැසට් කරන ලදී. මෙම රෙගුලාසි අනුවම මෙම රෙගුලාසි ක්‍රියාත්මක කරන්නේ නම් රැස්වීම් නීමා කළ යුතුය. දුරස්ථභාවය ආරක්ෂා කර ගත යුතුය. එසේ හෙයින් 01.පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරය රජයේ රෙගුලාසිවලට පරස්පර වේ. 02. රැස්වීම් සීමා කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව පැවැත්වීමද එම නීතිරීතිවලට පටහැනි වේ. නීති සම්පාදනය කරන ස්ථානයම නීති උල්ලංඝනය කරන්නේ නම් රටට දෙන ආදර්ශය කුමක්ද? එම නිසා මෙම සතියේ පැවැත්වීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය කල් දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ඒ අනුව විපක්ෂය ලෙස අප ඉල්ලා සිටින්නේ ඉහතින් දක්වා ඇති කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දෙමින් මෙම සතියේ පාර්ලිමේන්තු සැසිය පැවැත්වීම රජය විසින් පනවන ලද නව නීති රීතිවලට අනුකූලව කැදවන ලෙසය. ලක්ෂ්මන් කිරිඇල්ල :පා.ම – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක “ RELATED ARTICLESMORE FROM AUTHOR පුවත් පෙම්වතා පණපිටින් පිළිස්සූ තැන හැදුණු කඳුළු බිත්තියේ කඳුළු කතාව මානව හිමිකම් මාකඳුරේ මදූෂ් ඝාතන විමර්ශන සීඅයිඩියට පවරන්නැයි ඉල්ලීමක් මානව හිමිකම් “Unjust and Illegal”: Widow of Makandure Madush Calls for Fresh CID Investigation LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.