(ශාලික විමලසේන)
අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා විසින් පොලිස්පතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පැවසූ කරුණක් මුළුමනින්ම අසත්‍ය බව ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න අවධාරණය කරයි.
අධිකරණ ඇමතිවරයා සදහන් කර තිබුණේ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයා වගකිවයුතු බවක්  යම් හෙයකින් තහවුරු වුවද, ඔහු ඉවත් කිරීමට වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ප්‍රතිපාදන නොමැති බවයි.
මේ පිළිබදව Medialk වෙත අදහස් දක්වමින් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සදහන් කළේ නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා ඉවත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් ලෙස ව්‍යවස්ථාවේ ඇති බවයි.
2002 අංක 05 දරන නිලධාරීන් ඉවත් කිරීමේ පනතේ ඊට අදාළ කරුණු පැහැදිලිව සදහන් වන බවත්, ඒ අනුව නීතිපතිවරයාට හෝ පොලිස්පතිවරයාට එරෙහිව යම් චෝදනාවක් තිබේ නම්, ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසා, ඉන්පසු පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් යෝජනාවක් සම්මත කොට ඉවත් කළ හැකි බවයි.
වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය දරන මහාචාර්ය ජී.එල්.පීරිස් 2002 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා ලෙස මෙම පනත ඉදිරිපත් කර ඇති බවද ආචාර්ය වික්‍රමරත්න වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
MediaLK.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here