Home පුවත් මාදුරුඔය – ජලගැලුම් නිම්නය රැකගන්න විරෝධතාවක් ! පුවත් මාදුරුඔය – ජලගැලුම් නිම්නය රැකගන්න විරෝධතාවක් ! By MediaLK.com - December 3, 2020 FacebookTwitterPinterestWhatsApp මාදුරුඔය, වස්ගමුව, සෝමාවතිය රක්ෂිත විනාශය සහ ජලගැලුම් නිම්නය විනාශ කරන මාර්ගය ඉදිකිරීම වහාම නවත්වන ලෙස ඉල්ලමින් අද (03) පොළොන්නරුවේ දීප උයන ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි. මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ හරිත පුරවැසියෝ පරිසර සංවිධානය හා ප්‍රදේශවාසීන් විසිනි. මෙහිදී අදහස් දැක්වූ හරිත පුරවැසියෝ පරිසර සංවිධානයේ සංවිධායිකා කාංචනා වේවැල්පනාව පැවසුවේ පුලතිසිපුර වනාන්තර වනසමින් ඉදිකරන මාර්ග හා සංවර්ධනයේ නාමයෙන් කරන අනෙකුත් විනාශයන් වහාම නතර කරන ලෙසයි. එමෙන්ම ප්‍රදේශයේ වැව් ජලය රැකෙන්නේත්, ගොවිතැන් බත් සරුවන්නේත් මෙම වනාන්තර ඇති කළ විවිධත්වයෙන් බව ඇය කියා සිටියාය. මේ අතර ජලගැලුම් නිම්නය විනාශයට පත්වන මෙම මාර්ගය ඉදිකිරීම සදහා මේ තරම් රජය උත්සාහ කිරීමට හේතුව ලෙස සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ 2011 සිට 2050 දක්වා ක්‍රියාත්මක කරමින් සිටින ජාතික භෞතික සැලැස්මේ එන සංචාරක ව්‍යාපෘති වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම හා මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන වැඩසටහනට අවශ්‍ය මාර්ග පද්ධතිය සකස් කිරීම යන කරුණු ය. එම මධ්‍යස්ථානය මෙසේ ද සඳහන් කරයි. ‘මෙම ප්‍රදේශයේ සමස්ත ව්‍යාපෘතිය සඳහා 2016 වසරේ ඔක්තෝබර් 19 වැනිදා චීනයේ CMC සමාගම සමග ගිවිසුම් අත්සන් කර ඇත. එහි උප සභාපති වන ලුයු ෂෙන්ග්චෙන් මහතා හා මහවැලි හා පරිසර අමත්‍යංශය අතර මෙම ගිවිසුම අත්සන් කර තිබේ. එම නිසා මෙම ව්‍යාපෘති දෙකටම අදාළව යටිතල පහසුකම් දියුණු කිරීමටත්, සංචාරක කර්මාන්තය උදෙසාත් මෙම මාර්ගය සෑදීම සිදුකරන අතර, එමෙන්ම 2021 අයවැයෙන් මේ වනවිට රුපියල් මිලියන 1000ක් මෙම ව්‍යාපෘති සදහා වෙන් කර ඇත. පරිසරවේදීන් ලෙස අප ඉල්ලා සිටියේ ඉහත වනාන්තර එක්කර අලි කොරිඩෝවක් නිර්මාණය කරන ලෙසයි. ඒ වෙනුවට මාර්ග තැනීම, ඇළවේලි ඉදිකිරීම ඇතුළු වෙනත් ක්‍රියා මේ පරිසර පද්ධති තුළ සිදු කිරීම නිසා එහි අලි ඇතුන්ට මෙන්ම ජෛව විවිධත්වයට විශාල හානියක් සිදුවෙයි. මෙයින් ලංකාවෙි ජනතාවට හා පරිසරයට සිදුවන යහපතක් නොමැත.’ RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය පරමාධිපත්‍යට අල්ලස් හෝ දූෂණයෙන් තොර රජයකට ඇති අයිතිය ඇතුළත් – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් පොලිස් ලොක්කන්ගේ ගැටුම ජාතික ප්‍රශ්නයක්ද? – සියලු උසස් නිලධාරීන් ගැන විගණනයක් ඕනෑ පුවත් වැලිගම වෙඩික්කරු අල්ලයි – මෙහෙයුමට කිත්සිරිගේ සම්බන්ධයක් නැතිලු LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.