Home පුවත් මානව හිමිකම් කොමිසම ගැන පැතිරෙන කතාව අසත්‍යයක් ! පුවත් මානව හිමිකම් කොමිසම ගැන පැතිරෙන කතාව අසත්‍යයක් ! By MediaLK.com - November 30, 2020 Facebook Twitter Pinterest WhatsApp ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට මහර බන්ධනාගාරය තුළට ඇතුළුවීමට ඉඩ ලබානොදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ප්‍රවෘත්තිය අසත්‍ය බව එම කොමිසමේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් තහවුරු කළේය. අද (30) උදෑසන අදාළ ස්ථානයට ගිය කොමිසමේ කොමසාරිස් රමණි මුත්තෙට්ටුවේගම ඇතුළු පිරිසට බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වීමේදී කිසිදු ගැටලුවක් ඇති නොවූ බවත්, බන්ධනාගාරය තුළ සියලු ස්ථානවලට යෑමට නිලධාරීන්ට නොහැකි වූයේ තත්වය මුළුමනින්ම පාලනය කර නොතිබූ නිසා බවත් පැවසූ එම නිලධාරියා, ඉන්පසු කොමිසමේ නිලධාරීන් පැමිණ සිටින බවත්, තත්ත්වය පාලනය කිරීමට සහයෝගය ලබාදෙන ලෙසත් කොමසාරිස්වරිය ශබ්ද විකාශන යන්ත්‍ර ආධාරයෙන් ඉල්ලා සිටි බවත් අවධාරණය කළේය. අදාළ ප්‍රවෘත්තිය තහවුරු කරගැනීම සදහා අප කළ විමසීමකදී මෙම ජ්‍යේෂ්ඨ නිලධාරියා ඉහත අදහස් පළ කළේය. මේ සම්බන්ධයෙන් විමසීමට රමණි මුත්තෙට්ටුවේගම සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද, එය අසාර්ථක විය. 542 RELATED ARTICLESMORE FROM AUTHOR පුවත් EXPOSED – From Public Trust to Family Enterprise? Inside the Rs. 1.2 Billion Ambuluwawa Cable Car Deal පුවත් EXPOSED ටෙන්ඩර් නැත-පවුල් සබඳතා ඇත : බිලියන 1.2ක අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ ඇතුළාන්තය | MediaLK Investigation අධිකරණය හා නීතිය ඇමති-නිලධාරීන් අත්තනෝමතිකව වැඩ කරලා – අවුරුදු 49ක සටනකින් පසු යුක්තිය ලැබෙයි LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.