ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට මහර බන්ධනාගාරය තුළට ඇතුළුවීමට ඉඩ ලබානොදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ප්‍රවෘත්තිය අසත්‍ය බව එම කොමිසමේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් තහවුරු කළේය.
අද (30) උදෑසන අදාළ ස්ථානයට ගිය කොමිසමේ කොමසාරිස් රමණි මුත්තෙට්ටුවේගම ඇතුළු පිරිසට බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වීමේදී කිසිදු ගැටලුවක් ඇති නොවූ බවත්, බන්ධනාගාරය තුළ සියලු ස්ථානවලට යෑමට නිලධාරීන්ට නොහැකි වූයේ තත්වය මුළුමනින්ම පාලනය කර නොතිබූ නිසා බවත් පැවසූ එම නිලධාරියා, ඉන්පසු කොමිසමේ නිලධාරීන් පැමිණ සිටින බවත්, තත්ත්වය පාලනය කිරීමට සහයෝගය ලබාදෙන ලෙසත් කොමසාරිස්වරිය ශබ්ද විකාශන යන්ත්‍ර ආධාරයෙන් ඉල්ලා සිටි බවත් අවධාරණය කළේය.
අදාළ ප්‍රවෘත්තිය තහවුරු කරගැනීම සදහා අප කළ විමසීමකදී මෙම ජ්‍යේෂ්ඨ නිලධාරියා ඉහත අදහස් පළ කළේය. මේ සම්බන්ධයෙන් විමසීමට රමණි මුත්තෙට්ටුවේගම සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද, එය අසාර්ථක විය.
MediaLK.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here