රත්නජීවන් හූල් මහතා විසින් Colombo Telegraph වෙබ් අඩවියට ලියන ලද ලිපියක සිංහල පරිවර්තනයකි.
“තරුණයින් දේශපාලනයට සම්බන්ධ කර ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සමඟ වවුනියාවේ මුන්ඩ්රු මුරිප්පු හි AFRIEL සංවිධානයේ වැඩසටහනට සහභාගී වීමට ලැබීමේ සතුට 2020 ඔක්තෝබර් 5 දින මා හට ලැබ ගැනීමට හැකි විය. මෙම උත්සවයේදී AFRIEL හි හත්වන සංවත්සරය සමරනු ලැබීය.
AFRIEL හි අධ්යක්ෂ රවින්ද්‍ර ද සිල්වා සැබවින්ම සාරධර්ම පිළිබඳ ජාත්‍යන්තරවාදියෙකි. වවුනියාවේ සිටින ඔහු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයේම චතුර කථිකයෙකි.ඔහු මාගේ පාසල ද වන යාපනයේ ශාන්ත ජෝන් විද්‍යාලයේ සිංහල භාෂාව ඉගැන්වීය. 2013 උතුරු පළාත් සභා මැතිවරණය සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයෙකු ලෙස තායිවානයේ සිට පැමිණි ඔහුගේ බිරිඳ Grace En-Tzu Chang මෙරට රැඳී සිටිමින් AFRIEL හි ස්වේච්ඡා කළමනාකරු ලෙස සේවය කරයි. AFRIEL හි තරුණියන්ට ඇගෙන් ලැබෙනා සහාය සහ සුහදශීලීත්වය මිල කළ නොහැකි ය. දිස්ත්‍රික්ක පහළොවක් නියෝජනය කරමින් 250ක පමණ සිංහල දමිළ සහ මුස්ලිම් ජනකායක් එදින රැස්ව සිටියහ.සියලු දෙනාගේ පහසුව පිණිස භාෂා පරිවර්තන පහසුකමද එම අවස්ථාවට සලසා දී තිබිණ.
 
 
			
		







