Home පුවත් සහරාන්ගේ බිරිඳගේ ආරක්ෂාව තර කරන්නැයි ඉල්ලයි පුවත් සහරාන්ගේ බිරිඳගේ ආරක්ෂාව තර කරන්නැයි ඉල්ලයි By MediaLK.com - November 19, 2020 Facebook Twitter Pinterest WhatsApp පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම්ගේ බිරිඳ වන බන්ධනාගාරගත කර සිටින ෆාතිමා සාදියාගේ ආරක්ෂාව තර කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව අැයගේ ජීවිතයට අවදානමක් ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි එම කොමිසම සඳහන් කළේය. බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතාට ලිපියක් යොමු කරමින් එම කොමිසම මේ බව අවධාරණය කර සිටියේය. ඇයට කොවිඩ්-19 ආසාදිත වීම නිස වැලිකඩ බන්ධනාගාරයෙන් ඉවත් කර වැලිකන්ද රෝහලට ඇතුළත් කළ බවට වාර්තා වීමත් සමග මෙම පැමිණිලි තවදුරටත් වැඩි වී තිබෙන බව එම කොමිසම පෙන්වා දී ඇත. බන්ධනාගාරගතව සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව උපරිම උත්සහයන් දරනු ඇති බවට විශ්වාස කරන බව ද සාදියා බන්ධනාගාරය යටතේ සිටින හෙයින් ඇයගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශක්තිමත් ආරක්ෂක පියවරයන් ගැනීමට බන්ධනාගාර කොමසාරිස්වරයාගේ අවධානය යොමු කරන බව ද එම ලිපියේ සඳහන් කර තිබේ. ෆාතිමා සාදියා මේ වන විට රඳවා සිටින ස්ථානය සම්බන්ධයෙන් සහ තාවකාලිකව ඇගේ සෞඛ්‍ය බාරව කටයුතු කරන බලධාරිය සම්බන්ධයෙන් කොමිසමට දන්වා සිට්න්නැයි ද එම කොමිසම ඉල්ලා සිටියේය. එහි මෙසේඳ සඳහන් වෙයි. ” මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීම සහ සොයාබැලීමේ බලය සහ රැඳවියන්ගේ සුභසාධනය අධීක්ෂණය කිරීම සඳහා රැඳවුම් ස්ථානවලට පැමිණීමේ බලය ඇතුළුව නිදහස අහිමි වූ රැඳවියන්ගේ අයිතිවාසිකම් සහතික කිරීම සඳහා 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 10 (ආ), 11 (ඇ) සහ 28 (2) වගන්ති යටතේ කොමිසමට බලය හිමිවී තිබේ. මෙම ලිපිය 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ලිපිය එවා ඇත” 544 RELATED ARTICLESMORE FROM AUTHOR පරිසරය අම්බුළුවාව හොරු අරන් : බුදුපිළිමය – දිය දහරා අතුරුදන් : ජලාශයේ වතුර වෙනුවට ගල් ! පුවත් අම්බුළුවාවේ තවත් බෑවුමක් අවදානම් – නිවාස 05ක් ඉවතට ; පාසල් දෙකක් සහ නිවාස පහක් මධ්‍ය අවධානම් ලැයිස්තුවට පුවත් BREAKING NEWS – අම්බුළුවාවේ කඳු පාමුල නාය අවදානම් ! – නිවාස 18ක් ඉවත් කරන්න උපදෙස් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.