Home පුවත් මාස 12ක් ඇතුළත රහස් පොලිසියේ මුල්පුටුවට හතරවැනියාත් පත් කරයි : ශානි, තිලකරත්න,... පුවත් මාස 12ක් ඇතුළත රහස් පොලිසියේ මුල්පුටුවට හතරවැනියාත් පත් කරයි : ශානි, තිලකරත්න, අල්විස් ; දැන් සොයිසා By MediaLK.com - October 17, 2020 FacebookTwitterPinterestWhatsApp ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් වසරක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තුන් වැනි අධ්යක්ෂවරයා ද ඉවත් කර හතර වැනි අධ්යක්ෂවරයා පත් කර තිබේ. වසරක් ඇතුළත පත් කරන ලද හතර වැනි අධ්යක්ෂවරයා වන්නේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙස සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී නිශාන්ත ද සොයිසා මහතා ය.පසුගිය බ්‍රහස්පතින්දා (15) පැවැති ජාතික පොලිස් කොමිෂන් සභාවේදී ගත් තීරණයක් අනුව මෙම පත්කිරීම සිදු කර තිබේ. පොලිස් කොමිෂන් සභාව ගත් එම තීරණය ඊයේ (16) දිනයේම පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් NPC/ED/GO/TR/5/01/20-iv දරණ ලිපිය මගින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ. මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ් ආර් ප්‍රසන්න ජේ ද අල්විස් මහතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස පත් කර තිබේ. ප්‍රසන්න අල්විස් මහතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස සේවය කරමින් සිටිය දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ලෙස උසස් කිරීමට පසුගිය කාලයේ ජාතික පොලිස් කොමිෂන් සභාව කටයුතු කර තිබුණු අතර පසුව මීට මාස කිහිපයකට පෙර ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ලෙස පත් කරනු ලැබීය. ඔහුගේ උසස්වීමට එරෙහිව පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකු මූලික අයිතිවාසිකම් පෙත්සම් ද ගොනු කර තිබේ. 2017 සැප්තැම්බර් 17 වැනි දා සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ලෙස කටයුතු කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාය. පසුගිය නොවැම්බර් 21 වැනි දා හදිසියේම ඒ් මහතා එම තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ලෙස පත් කරනු ලැබීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ තනතුරට පත් කරනු ලැබුවේ කාලයක් ජනපති ආරක්ෂක කොට්ඨාසයේ ද රාජකාරි කළ ඩබ්ලිව් තිලකරත්න මහතා ය.පසුගිය මැයි මාසයේ දී තිලකරත්න මහතා ද එම ධුරයෙන් ඉවත් කර ප්‍රසන්න අල්විස් මහතා පත් කරනු ලැබීය. මෙම නිලධාරීන් අදාල තනතුරුවලින් ඉවත් කළේ ඔවුන් ආණ්ඩුවේ ඕනෑ එපා කම් අනුව වැඩ නොකරන නිසා ද එසේත් නැති නම් ඔවුන් නිසි ආකාරයට රාජකාරි නොකරන නිසාද යන්න පොලිස් කොමිෂන් සභාව ප්‍රකාශ කළ යුතු බවත්, ඔවුන් ඉවත් කළේ රාජකාරි හරි හැටි ඉටු නොකිරීම නිසා නම් ඔවුන්ට යළි වෙනත් කොට්ඨාසවල අධ්යක්ෂ තනතුරු ලබාදීම ගැටලු සහගත බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් MediaLK සඳහන් කළේය. පොලිස් කොමිෂන් සභාව නිලධාරීන්ට අපක්ෂපාතීව රාජකාරි ඉටු කිරීමට ඉඩ නොදී පක්ෂග්‍රහීව කටයුතු කිරීමට බලපෑම් කරනවාදැයි සැක සහිත බවත්, උසස් නිලධාරීන් ස්ථාන මාරු කිරීමේ ක්‍රමවේදයක් සකස් කර තිබියදීත් එය ක්‍රියාත්මක නොකර හිතුමතේ ස්ථානමාරුවීම් ලබා දීම සැක සහිත බවත් එම නිලධාරියා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් විමසීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. RELATED ARTICLESMORE FROM AUTHOR පුවත් පොලිස් ලොක්කන්ගේ ගැටුම ජාතික ප්‍රශ්නයක්ද? – සියලු උසස් නිලධාරීන් ගැන විගණනයක් ඕනෑ පුවත් වැලිගම වෙඩික්කරු අල්ලයි – මෙහෙයුමට කිත්සිරිගේ සම්බන්ධයක් නැතිලු පුවත් පෙම්වතා පණපිටින් පිළිස්සූ තැන හැදුණු කඳුළු බිත්තියේ කඳුළු කතාව LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.