Home පුවත් රිමාන්ඩ් සිරකරුවෙක් මරුට ; තව සැකකරුවෙක් රෝහලේ – වැලිකඩ සිද්ධිය ගැන විමර්ශන... පුවත්මානව හිමිකම් රිමාන්ඩ් සිරකරුවෙක් මරුට ; තව සැකකරුවෙක් රෝහලේ – වැලිකඩ සිද්ධිය ගැන විමර්ශන ඇරැඹේ By www.medialk.com - April 27, 2026 Facebook Twitter Pinterest WhatsApp නියාමකයන් පිරිසකගේ පහරදීමෙන් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි පුද්ගලයකු මියයෑම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත බොරැල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. බන්ධනාගාරයේදී කළ පහරදීමකදී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්වී ඇතැයි පැවසෙන්නේ හෙරොයින් ග්‍රෑම් 14ක් ළඟ තබා ගත්තේයැයි සැකපිට අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් රිමාන්ඩ් බනධනාගාර කර සිටි රාජපක්ෂ මිනිමුතු පතිරලාගේ තුෂාර සම්පත් (38)(මංජු) නම් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණයට පත්වූ පුද්ගලයාගේ සහෝදරිය වන ආර් එම් පී රත්නාවලී සඳහන් කළේ තම සහෝදරයා පහරකෑමට ලක්වූ ස්ථානයේදීම මිය ගිය බවට තොරතුරු ලැබුණු බවයි. පහරකෑමෙන් තුවාල ලැබූ බව කියන 30 හැවිරිදි තවත් පුද්ගලයකු රෝහල් ගත කර සිටින අතර ඔහු නුගේගොඩ (ගංගොඩවිල) මේහ්ස්ත්රාත් අධිකරණය මගින් රිමාන්ඩ් කරනු ලැබූ සැකකරුවෙකි. මෙම සිද්ධිය ගැන අදහස් දක්වමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා මෙසේ කීවේය. ‘අද බන්ධනාගාරයේ රැඳවියෙක් මියගිහින් තියනවා. ඔහුගේ ඥාතීන් කියන්නේ පහරදීලා තියනවා කියලා. තවත් රැඳවියකුට පහරදීලා තියනවා. ඔහු රෝහල් ගතකරලා ඉන්නවා. මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. සිරකරුවෝද මනුෂ්‍යයෝය කියලා මෙතන ගහගත්තට ඇත්තටම මේක ඇතුළේ වද කඳවුරක්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපිට ප්‍රශ්නයක් තියනවා. රැඳවියන්ට පහර දෙන්න අයිතියක් නෑ. ඔවුන්ගේ ආරක්ෂාවට තමය නිලධාරීන් ඉන්නේ. පහුගිය කාලේ තිබ්බ තත්ත්වය ඒ් විදිහටම යන තත්ත්වයක් තමයි තියෙන්නේ. පහුගිය කාලේ බන්ධනාගාර රැඳවිය සමූල ඝාතනය වුණා. මෙතන (වැලිකඩ) 27ක් ඝාතනය වුණා. මහර 11ක් ඝාතනය වුණා. ඒ්වාට නැවතීමේ තිත තියන්න ආපු ආය ඒ්වා තවදුරටත් පටං ගත්තද කියලා සැකයක් තියනවා. මිය ගිය රැඳවියාගේ සහෝදරියට ආරංචි වෙලා තියෙන්නේ 11ට විතර මේක. එතන ඉඳන් දවල් 1, 2 වෙනකං මේ ගැන හොයලා තියනවා මොකද වුණේ කියලා. මෙතනට ඇවිල්ලත් ඇයට කිසිම තොරතුරක් හොයාගන්න බැරිවලා තිබුණා. ඉහළ නිලධාරියෙක් කියලා තියනවා එහෙම ආරංචියක් නෑ කියලා. මිය ගියාට පස්සෙවත් අදාල වැඩකටයුතු කරන්න අයිතියක් මේ අයට නැද්ද කියලා අපිට ප්‍රහ්නයක් තියෙනවා.’ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මහතා ප්‍රකාශ කළේ තම සංවිධානයට මේ ගැන තොැරතුරක් ලැබුණේ උදේ 11ට පමණ බවයි. මෙම ඝාතනය දෙපිරිසක් අතර ගැටුමක් ලෙස පෙන්වීමට පිරිසක් උත්සාහ කරන බවත්, මෙය එවැනි ගැටුමක් නොවන බවත්, ඊට අදාල සියලු තොරතුරු තම සංවිධානය සතුව ඇති බවත්, මෙම රැඳවියන් සිටින්නේ මහේස්ත්‍රාත්වරයා බාරයේ බවත්, එවැනි රැඳවියන් ඝාතනය කිරීමට නිලධාරීන්ට හැකියාවක් නැති බවත්, නිලධාරීන් කිහිප දෙනකු නිසා බන්ධනාගාර බන්ධතියටම කළු පැල්ලමක් එකතු වී ඇති බවත් නන්දිමාල් මහතා කීවේය. මරණයට පත්වූ සම්පත්ගේ සහෝදරිය ආර් එම් පී රත්නාවලී ප්‍රකාශ කළේ තම සහෝදරයාට සාධාරණයක් ඉෂ්ඨ විය යුතු බවයි. ‘වැඳලා කියන්නම් අයියට සාධාරණයක් කරන්න. අපි වෙන මුකුත් ඉල්ලන්නෑ’ යැයි ඇය කීවාය. ‘මගේ පුතා තමයි ඒත් එක්ක ඉඳලා තියෙන්නේ. මගේ පුතාටත් මාංචුදාලා එල්ලලා ගහලා. ගහද්දි කිව්වලු මැරෙයි මැරෙයි ගහන්න එපා කියලා. කියද්දිත් ගහලා. කකුල් දෙක හොඳටම නිල් වෙලා. ඔළුවටත් ගහලත දන්නෑ. කකුල් දෙක තමයි වැඩියෙන් අමාරු. අත උස්සගන්නත් බෑ.’ යැයි තුවාල ලබා රෝහල් ගත කර සිටින පුද්ගලයාගේ මව කීවාය. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ සිදුවීම ගැන බොරැල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. රැඳවියන් එක් කොටසක සිට තවත් කොටසකට මාරු වෙද්දී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් ගැටුමක් ඇතිවී ඇති බවට සහ සිද්ධියෙන් බන්ධනාගාර නියාමකයන් දෙදෙනකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට බන්ධනාගාරයෙන් සඳහන් කළ බව ද පොලිසිය සඳහන් කළේය. මෙම සිදුවීම අද උදෑසන සිදුවී ඇති බවත් පොලිසිය කීවේය. මේ ගැන විමසීමට බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාට ඇමතුමක් ගත්තද ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත. 230 RELATED ARTICLESMORE FROM AUTHOR දේශපාලනය ලෝක යුද්ධය දිනන්නේ කවුද? – ගැටුමේ කතාව මුල සිට අධිකරණය හා නීතිය වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගන්න ත්‍රස්ත නීතිය යොදා ගැනීම වැරදී !- ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි පුවත් විකට් පොල්ලක් ගුදමාර්ගයට දමන බවට තර්ජනය කරලා – පොලිසියෙන් පහරදුන් තරුණයාගේ ඇස්පෙනීමත් අඩුවෙලාලු LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.