Home අධිකරණය හා නීතිය රිෂාඩ්ට සිංහලෙන් සාක්ෂි දෙන්නැයි පාස්කු කොමිසමෙන් දැනුම් දීමක් අධිකරණය හා නීතිය රිෂාඩ්ට සිංහලෙන් සාක්ෂි දෙන්නැයි පාස්කු කොමිසමෙන් දැනුම් දීමක් By MediaLK.com - November 19, 2020 FacebookTwitterPinterestWhatsApp පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ අද (19) උදැසන පැවති සාක්ෂි විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට සිංහලෙන් සාක්ෂි ලබාදෙන්නැයි කොමිසම දැනුම් දුන්නේය. එලෙස දැනුම් දුන්නේ රිෂාඩ් බදියුදීන් මහතා දෙමළෙන් සාක්ෂි ලබාදීමට අවසර ඉල්ලූ අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කරමිනි. රිමාන්ඩ් කරනු ලැබ සිටින රිෂාඩ් මහතා අද පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ වන අතර ඔහු සමග සිට්න්නේ කවුදැයි සහ ඔහු එම අවස්ථාවේ සිටි වටපිටාව ගැන සාක්ෂි විමසීමට පෙර කොමිසම විමසා සිටියේය. එම අවස්ථාවේදී රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේ සාක්ෂි ලබාදීම දෙමළ භාෂාවෙන් කිරීමට අවසර දෙන ලෙසයි. නමුත් සාක්ෂි ලබාදීම සිංහල භාෂාවෙන් කරන ලෙසට කොමිසම ප්‍රකාශ කර සිටි අතර ඊට පිළිතුරු දෙමින් රිෂාඩ් මහතා පැවසුවේ තමාගේ මව් බස දෙමළ නිසාත් සිංහලෙන් සාක්ෂි ලබාදී යම් කිසි වරදක් වුවහොත් එය වැරදියට අර්ථ කථනය කළ හැකි නිසාත් තමාට දෙමළෙන් සාක්ෂි ලබාදිමට අවශ්‍ය බවයි. රිෂාඩ් බදියුදීන් මහතා මීට පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ පාර්ලිමේන්තු කාරක සභාවට සහ පොලිසියට සාක්ෂි ලබාදී ඇත්තේ සිංහලෙන් බව ද ඒ හේතුවෙන් මෙහිදී ද සිංහල භාෂාවෙන් සාක්ෂි ලබාදිය යුතු බවද එහිදී කොමිසම ප්‍රකාශ කර සිටියේය.එමෙන්ම අසනීප තත්ත්වයක් හේතුවෙන් කොමිසමේ පරිවර්තකයා අද පැමිණ නැති බවත් ජනාධිපති කාර්යාලයෙන් සාමාන්‍යයෙන් ලබාදෙන පරිවර්තකයා ද අද නොමැති බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන කොමිසමේ කටයුතු දෙසැම්බර් 24 වැනිදාට පෙර අවසන් කළ යුතු බවත් කොමිසම පැවසීය. තමාගේ මව් භාෂාව දෙමළ බව ද සිංහල භාෂාවෙන් සාක්ෂි ලබාදිය නොහැකි බව ද කොමිසම බල කරන්නේ නම් පමණක් සිංහලෙන් සාක්ෂි ලබාදෙන බව ද රිෂාඩ් බදියුදීන් මහතා කීවේය. තමා බොරු චෝදනාවකට රිමාන්ඩ් කරනු ලැබ සිටින්නේයැයි ද බන්ධනාගාර ගත කිරීමට පෙර අවස්ථාවලදී මෙම සාක්ෂි ලබාගැනීම කළ හැකිව තිබුණේ යැයි ද ඔහු සඳහන් කළේය. ඉන්පසු කොමිසමේ කටයුතු දිවා විවේකය සඳහා තාවකාලිකව නවත්වනු ලැබූ අතර ඉන්පසු මේ සම්බන්ධයෙන් සලකා බලන බව කොමිසම ප්‍රකාශ කර සිටියේය. RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය Controversial Electricity Supply for NR’s Wedding Arranged on Instructions of Ravi K., Revealed before SC අධිකරණය හා නීතිය දේශබන්දු අධිකරණයට – සම්පූර්ණ කතාව අධිකරණය හා නීතිය ලලිත් – කුගන් නඩුවේ සාක්කි දෙන්න ගෝඨා හා කියයි LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.